Friday, December 9, 2011

ගුරැ සිත නොරිදවා.....


ජෙමා බ්ලොග් ලියන්න ගත්තෙ......පොරක් වෙන්නවත්...උඹලට වඩා මට ලියන්න පුළුවන් කියල, කට්ටියට පෙන්නන්නවත් නෙ‍මයි. ආත්ම තෘප්තියට. පළවෙනිම පොස්ටුව හිතට වද දුන්න පොඩි කාරණාවකින්ම පටන් ගත්ත නම් හොදයි කියල ජෙමාට හිතෙනව. ජෙමා ඉගෙන ගත්තෙ පිරිම ඉස්කෝලෙක. අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගේ නෙමෙයි දැන් නම් ඉස්කෝලෙ සුපුරි පන්තියෙ පාසැලක් වෙලා. ඒත් ඉස්කෝලෙත් එක්ක බැදිච්ච සුන්දර මතකයන් ගනින්න බැරි තරම්. ඇත්තටම ඉස්කෝලෙ කාලෙදි ලැබිච්ච අසුන්දර අත්දැකීම් වුනත් හරිම සුන්දර මතකයන් විදිහට හිතේ තැන්පත් වෙලා තියෙනව. අපිට හිටිය යාළුවො වගේම, උගන්වපු ගුරැවරැත් හරිම සුවිශේෂයි. ඒ අතරින් එක පාරටම හිතට එන්නෙ අනෝම මිස්ව. වෙන කිසිම ගුරැවරයෙක්ගෙ නොතිබිච්ච වචන වලට ගොනු කරන්න බැරි ආදරයක් අනෝම මිස්ගෙ තිබුණ. ඒක හයේ පන්තියෙ ඉදන් එකට ඉගෙන ගත්ත සෙට් එකේ ඕන එකෙක් පිළිගනියි. වැරැද්දක් කලත් වේවැල අරන් ඇගේ තියන හයියෙන් ඉදා උඹට කියල ගහන ජාතියෙ ගුරැවරැ අතරෙ අනෝම මිස් අම්මෙක් වගේ වැරැද්ද පෙන්නල දීපු හැටි තවමත් මතකයි. ජෙමාගෙ ජීවිතේ වටිනාම වගේම පරමාදර්ශී චරිතයක් ඉන්නවනම් ඒ අනෝම මිස්. සිංහල පොතේ හිතූ හිතූ දේවල් ලියල ගිහින් පෙන්නන හැම වාරෙකම හරියක් දාල තව ලියන්න කියල හිත හදපු මිස් හින්ද අනුන්ගෙන් කොපි නොකර තමන්ගෙම මොනවහරි ලියාගන්න ජෙමාට දැන් පුලුවන්. අනෝම මිස් ඇරැණාම, රංජිත් සර්, ශානිකා මිස්  වගේ ගුරැවරැ බොහොමයක් ගැන පැහැදුණු හිතෙන් කථා කරන අද ඉංජිනේරැවො, දොස්තරවරැ වුණ අපේ බඩියෝ සෑහන ගානක් ඉන්නව.

ඒත්....ජෙමා මේ පොස්ටුව දාන්නේ පොඩි හිතේ අමාරැවකින්...මේ ලගකදි දවසක අපේ බැච් මේට්ස්ල ටිකක් පොඩි ගෙට් ටුගෙදර් එකක් තිබ්බයි කියල මොටත් ආරංචි වුනා. ජෙමා වැඩේ දැන ගත්තෙ පස්සෙ. ආරංචි වුනත් එතනට යන්න තරම් ජෙමාට හයියක් ඇත්තෙත් නෑ. ඒ මම තවමත් පොරත් නොවෙන නිසා. රැපියල් අස්සේ අලුක්කාල් ගහන්න වගේ නිකම්ම බයියෙක් විදිහට පාසල් යාළුවො ඉස්සරහට යන්න ජෙමාට ‍මොකක්ද වගේ? කොල්ලො ටික කාලෙකින් එක්කහු වෙච්ච එක ගැන ජෙමාගේ කිසිම අහිතක් නෑ. එත් Face Book එකේ දැකපු Photo එකක් නිසා නම් පොඩි කලකිරීමක් ඇති වුණා. ඒ අපිට උගන්වපු සර් කෙනෙක් අපේ පාසල් මිතුරෙක් ලග ඉදන් මී විත තොල ගාන ඡායාරෑපයක්. මේ බ්ලොග් එක බලන යාළුව මා එක්ක හිත නොරොරක් කර ගන්න එකක් නැතිවෙයි කියල මම හිතනව. මමත් අපේ මහප්පත් එක්ක සෙට් වෙලා අඩි ගහල තියෙනව. ඒක වෙනම කතාවක්. අපේ තාත්තලගේ පරම්පරාවෙ කට්ටිය සෙට් වුනාම ඔක්කෝම තාත්තල පුතාල සාලෙට වෙලා එක බෝතලේ කඩාගෙන බොනව අනන්ත මම දැකල තියෙනව. ඒත් සිගරට් කොටයක් හොරෙන් බීලා අහුවෙච්චා වෙලාවක, කනෙන් ඇදල හරි පාර පෙන්නපු සර් කෙනෙක් තමන්ගෙ ගෝලයෙක් ලග ඉදන් එක බෝතලෙ බෙදා ගන්න එක ගැන නම් ජෙමාගෙ හිතට මොකක්දෝ වගේ. මේ සිද්ධිය එක්ක මට තවත් අපූරැ සිද්ධියක් මතක් වුණා. දැනට වසර තුන හතරකට කලියෙන් පුවත්පතක එක්තරා ආන්දෝලනාත්මක ඡායාරෑපයක් පළවුණා. ඒ ඡායාරෑපයේ හිටියෙ රැලෙක්ස් රණසිංහ මහත්තයා, අපි කවුරැත් දන්න ටෝනි රණසිංහ මහත්මයගේ අයිය, එතුමගෙ එක අතක වීදුරැවක් අනෙක් පැත්තෙ උරහිස්සට හේත්තුවෙලා හිටියෙ රටේ සුපසිද්ධ ගායකයෙක්. හැබැයි එතුමා කන් පාත් වෙන්න ගහල සිගරැට් එකකුත් පත්තු කරගෙන ඉන්න අපූරැ ඡායාරෑපයක් තමයි පළවෙලා තිබුනෙ. මේ ඡායාරෑපය පත්තරේට දුන්නෙ රැලෙක්ස් රණසිංහ මහත්තයමයි කියල පුවත්පතේ සදහන් වෙලා තිබුණ. රැලෙක්ස් රණසිංහ මිය ගියාම පත්තරේ දැම්මේ රැහේ බේබද්දා මිය ගියේය කියන ශීර්ෂ පාඨයක්. එතුමත් එක්ක එකට බොතලේ බීපු ගායක උත්තමය තරම් පරමාදර්ශී කෙනක් රටේ නැති ගානට තවමත් අපි හිතාගෙන ඉන්නෙ. එතුම එහෙම්ම හිටපුවාවෙ ඒක නිසා නම ගම නොකිය ඉන්නම්. කොහොමෙන් හරි අපේ කොල්ලො ටික අවුරැද්දකට සැරයක් එක්කහු වෙලා ආ ගිය තැන් කතා කරල මිතුරැකම පවතවාගන යන එකට ජෙමා හදවතින්ම සුබ පතනව. ජෙමාට පුළුවන් වෙච්ච දවසක ජෙමත් එනව. ඒත් ගල් බෝතලයයි බයිට් එකයි ලග සර් කෙනක් හිටියොත් ආපහු හැරිල ගෙදර එන එක ඇරෙන්න වෙන දෙයක් නම් ජෙමාට කරන්න බැරි වෙයි.

2 comments:

  1. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය...

    දිගටම ලියන්න ජෙමා!

    ජය!

    ReplyDelete
  2. මේ වගේ අපේ හදවතේ ඉහළ තැනක හිටිය කෙනෙක් ඒ වගේ දෙයක් කළාම නිකම් පොල්ලෙන් ගැහුවා වගේ තමා. කොහොම නමුත් හැමෝම මොකක් හරි දෙයක් කරන්න කලින් තමන් කවුද ? මොනවද කරන්නේ ? කොහෙද ඉන්නේ ? කියන ඒවා ගැන ටිකක් හිතන එක හොඳයි

    ReplyDelete