Monday, January 23, 2012

වයි දිස් කොලවරි....


ජෙමාට කාලෙකින් මොකුත්ම ලියන්න බැරි වුනා...ලියන්න බැරි වෙන්න තරමේ කරදරයක් වුනු නිසා අඩවියට ආපු ගිය අයගෙන් මුලින්ම සමාව ඉල්ලන්න කැමතියි..බලාපොරොත්තු නොවුනු විදිහට අපේම එකෙක්ගෙ මලගෙදරක යන්න වුනා...ජීවිතේ කොයි තරම් unpredictable ද කියල හිතුන පලවෙනි පාර මේක නෙවෙයි හැබැයි පපු කැවුතු පලාගෙන දුක දැනිච්ච පලවෙනි පාර නම් මේක..මලගෙදර රෑ ගතකරනකොට කොල්ලො ඇම්ඩගෙ කතා කිය කිය ඉන්න අතරෙ බර සාර කතාවකට සෙට් වෙච්ච පොඩි එකෙක්ගෙ ‍‍‍‍phone එකෙන් වයි දිස් කොලවරි අහන්න පුලුවන් වුනා..net යන්න වෙලාවක් නැතිව හිටි ටික කාලෙට අලුත් hit එකක් එලියට ඇවිල්ල කියල දැනගත්තෙ එතකොට....කොලවරි වල අලගිය තැන් මුලගිය තැන් හැමෝම දන්න නිසා..ගීත‍යෙ තියෙන ඇති කරන සංස්කෘතික සමාජ කැලඹිල්ල ගැන පොඩ්ඩක් කතා කලොත් හොදයි කියල ජෙමාට හිතෙනව...ජෙමා නම් මේක දකින්නෙ media myth එකක් විදිහට...මේ වචනෙ අපේ හිටපු cricket captain කෙනෙක් වුනු අර්ජුන රණතුංගත් වරක් භාවිතා කලා...ඒ Shane Warne ගැන සදහන් කරන අවස්ථාවක...මාධ්‍යයට trends හදනව කියන එක මහ දෙයක් නෙමේ...Americaව ඇතුලෙ මාධ්‍යට Obama ට වඩා බලයක් තියෙනව..ඒක  ලෝක යුද්ධ කාලෙ ඉදන්ම සනාථ  වෙච්ච දෙයක්...කොලවරි ඇතුලු  Moondru film එකේම පචාරණ කොන්තරාත්තුව බාර අරගෙන ඉන්න Sony සමාගම තමන් බාර ගත්ත වැඩේ හරියට කලා කියන එක තමයි වයි දිස් කොලවරි දැන් ලබාගෙන තියෙන   ජනපියත්වයෙන් පැහැදිලි වෙන්නෙ...වයි දිස් කොලවරි ගැන කියවන කොට තැනෙක සදහන් වුනා මේක Soup Song එකක් එහෙම නැත්නම් Flop Song එකක් විදිහට...ලංකාවෙත් මෙලෝ රහක් නැති Soup Song අනන්තවත් බිහිවෙලා තියෙනව...ලගම උදාහරණය තමයි රම්බරී ගීතය...ලංකාව ඇතුලෙ රම්බරී කරපු හරඹයම කොලවරි ඉන්දියාව මුල් කරගෙන ලෝකය වටාම කරමින් පවතිනව...හැබැයි කොලවරි Song එකෙන් ඉන්දියාවෙ uniqueness එක ආයෙමත් ලෝකෙට පෙන්නල තියෙනව..කොලවරි ගැන ලියවිලා තිබුණු පුවත්පත් ලිපියක මෙහෙම සදහන් වුනා...කැඩිච්ච ඉංගී%සි‍යන් පොත් ලියල බුකර් සම්මානය දිනාගත්ත ඉන්දියාව කැඩිච්ච ඉංගී%සියෙන් සින්දු ලියල ජනපි%යවීම පුදුමයක් නොවේ....අපි සුද්දගෙ ඉංගිරීසිය අකුරක් හරි වැරදුනොත් රජා මැරෙැවෝ කියල කෑ ගහන සංස්කෘතියකට පුරැදු වෙලා හිටිය‍ට ඉන්දියාව Tanglish වලින් සිනුදුත් ලියනව...කොලවරි අපිට මාර එකක් වෙන්නෙ අන්න ඒ නිසයි...කොහොම හරි ගීත සාහිත්‍ය ගැන පොත් ගණන් ලියවෙන අපේ රටට කොලවරිත් තවත් ආවෝ ගියෝ ගීතයක් වේවායි කියල පත්නනෙ තවමත් සුභාවිත සංගීතය ගැන සුබ සිහින දකින අලුත් පරම්පරාවක් ඉතිරි වෙලා ඉන්න නිසා...

Wednesday, December 14, 2011

(Grown Ups) වැඩිහිටියෝ......



ජෙමා පහුගිය ටිකේම හිටියෙ ලොකු කම්මැලි කමකින්. ඒක නිසා පරණ Films collection එකක් ඇදල film එකක් බලන්න හිතුන. එතකොට තමයි Grown Ups හම්බවුනේ. 2010 වර්ෂයෙදි තිරගත කරපු film එක buddy-comedy වර්ග‍යටයි අයිති වෙන්නෙ. අපි කවුරැත් දන්න විකට නළුවෙක් තමයි Adam Sandler. Film එ‍කේ Lead role එක කරන්නෙ  Adam. Denis Dugan අධ්‍යක්ෂණය කරපු Grown Ups දිහා comedy film එකකට වඩා වෙනස් විදිහකට බලන්න ජෙමා හිතුව. film එ‍‍ක දිවෙන්නෙ කුඩා කාලයෙ පැසිපන්දු කණ්ඩයමේ සෙල්ලම් කරපු යාලුවො පස්දෙනෙක්ගේ නැවත හමුවීමක් මුල් කරගෙන. ඔවුන් කුඩා කාලයෙ දිනපු එකම පැසිපන්දු තරගයේ පුහුණුකරැගේ මිය යාම නිසා කාලයක් හමුනොවී හිටපු යාළුවො පස්දෙනා නැවතත් මුණ ගැහෙනව. ඔවුන් එන්නෙ තමන්ගෙ බිරින්දෑවරැ, දරැවොත් එක්කගෙන. එහිදි Adam නිරෑපණය කරන්නෙ Lenny කියන Holly wood Agent කෙ‍‍‍‍ෙනගෙ චරිතයක්. ඔහුට පිරිම දරැවො දෙන්නෙකුයි, ගැහැණු දරැවෙකුයි ඉන්නව. ඔවුන් Luxury ජීවිතයට හුරැවුණ, වීඩියෝ Games ගහන, මොබයිල් වලින් තමන්ගෙ නැනීට text කරන අලුත් පරම්පරාවෙ ළමයි. නමුත් Lenny සහ ඔහුගෙ සගයන්ට ට උවමනා කරනව තමන්ගෙ ළමයින්ට තමන් ළමා කාලයෙදි ලබපු අත්දැකීම් ලබාදෙන්න. ඒ නිසා ඔවුන් ලේක් හවුස් එකක් රෙන්ට් කරගෙන සති අන්තයක් ගත කරන්න කල්පනා කරනව. එතනදි සිදුවන සිදුවීම් මාලාවක් තමයි film එකේ කතාව විදිහට දිග හැරෙන්නෙ.

මේ film එක බලද්දි ජෙමාට තමන්ගෙ පොඩි කාලෙ මතක් වුනා. අපි පොඩි උන් කාලෙ මංජුලය, මම, ගාමිණිය අපේ අයිය, පියා, ලකිය  වටපිටාවෙ සෙට් එකම උදේ පාන්දර ඉදන් ගස් කෙටුව හැටි, රොබින් හුඩ් බලල දුනු හදාගෙන රොබින් හුඩ් සෙල්ලම් කරපු හැටි. බන්කර් හදාගෙන හොරා පොලිස් කරපු හැටි අද වගේ තාම මතකයි. අපිට කලින් පරම්පරාවට අපිටත් වඩා සුන්දර ළමා කාලයක් තිබුණ. කජු ගස්වල කජු හැදෙන කාලෙට උදේ පාන්දර කජු ගස්යට කජු අහුලන්න කොල්ලො ඔක්කොම පන්සල් වත්තට යනව. එහෙම කජු ඇහිදන් ඇවිත් වල කජු ගහනව. අපිත් ටියුෂන් ගියා. පහ වසරෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලෙකට යන්න උවමනාව ජෙමාට වගේම අනිත් උන්ටත් තිබුණා. ඒත් බට්ට කොටුවක් ඇදල බට්ට පනින්න, ගුඩු ගහන්න අපිට වෙලාවක් තිබුණ. දැන් පොඩි උන්ගෙ ජීවිත දිහා දැක්කම ජෙමාට ඇතිවෙන්නෙ ලොකු කලකිරීමක්. තවලමේ බැදපු ගොන්නු වගේ පොත් කන්දක් කරේ තියාගෙන පාන්දරම ඉස්කෝලෙ ගිහින් හැන්දෑවෙ ටියුෂන් ගිහින්, තාත්ත කියන හින්ද Cricket practice ගිහින් ගෙදර එන පොඩි එවුන් එන්නෙ හොදටම හෙම්බත් වෙලා. පහවසරෙන්ම ඉගෙන ගන්න එක මහම මහ කරදරයක් කියල අතෑරල දාන්න තරම් හිතන පොඩ්ඩො අනන්තයි. මුලින් කියපු Grown ups film එකේ එක්තරා රෑප රාමුවකදි Lennyගෙ බාල කොල්ල තනියම විල ලග කැරකෙනව Lenny බලාන ඉන්නව. පොඩි එකා ගල් කැටයක් අහුලගෙන මොකද කරන්නෙ කියල කල්පනා කරන අතරෙ  Lenny පොඩි එකාට නෑහෙන්න තමන්ටම මෙහෙම කියා ගන්නව. "අන්න හරි කොල්ලො ඔය ගල් කැටේ විලට වීසි කරපන්, නැත්නම් ගහකට ගහපන්, නැත්නම් අයියගෙ මූනට ගහපන් මොකක් හරි කරපන්..." එත් පොඩි එකා ගල්කැටේ බිම දාල හරිම කලකිරීමෙන් බිම බලාගෙන ආපහු යනව. ඒ සිදුවීම හරිම සිනමාත්මකයි වගේම, ලෝකෙ හැම රටකම වගේම අලුත් පරම්පරාවට සිද්ධවෙලා තියෙන ඛේදවාචකය අපිට මතක් කරල දෙනව. film එක‍කේ එක තැනකදි Lenny ගෙ යාළුවෙක් තමන්ගෙ තාත්තත් එක්ක තරහවෙලා tree house එකක සුමාන දෙකක් ගත කරපු හැටි ඔහු මතක් කරනව. මටත් මතකයි රසිකයලගෙ ගෙදර අඹ ගහේ අපි පොඩි අට්ටාලයක් හදල සෙල්ලම් කරපු හැටි. ඒ අට්ටාලෙට නැග්ගාම ඈත පන්සලක බුදු පිළිමෙකුත් අපූරැවට පෙනුන. තවත් තැනකදි හරි අපූරැ සිද්ධියක් වෙනව. Lenny ගෙ බාල දියණියගෙ දතක් වැ‍ෙටනව හරිම අහම්බෙන් ඒ වෙලාව පොඩි එකී තමන්ගෙ දතත් අරගෙන අම්ම ලගට යන්නෙ දත tooth fairy ට දෙන්න. යුරෝපීය රටවල පොඩ්ඩන් විශ්වස කරන්නෙ තමන්ට අලුත් දත් දෙන්නෙ සුරංගනාවක් කියලයි. මේ වෙලාවෙ අම්ම හදිස්සි දුරකතන ඇමතුමක ඉන්නෙ ඒක නිසා ඇය නොදැනිම කියනව "හරි හරි එයා දත කොට්ටෙ උඩින් තියල යන්න, මම ඩොලර් එකක් කොට්ටෙ යටින් තියන්නම්". අම්මගෙ කාර්ය බහුල ජීවිතේ හින්ද කෙල්ලට සුරංගනාව ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. ඇය හිතාන ඉන්නෙ ඩොලර් එක තියන්නෙ සුරදූතියක් ඇවිදින් කියල. අපිටත් පොඩි කාලෙ දතක් වැටුනාම අම්ම ඇවිදින් දත වහලෙට විසි කරන්න කියනව ලේනට අරන් යන්න. මම පොඩි කාලෙ නම් ඇත්තටම විශ්වාස කලා හදේ කිරි පැණි ඇතියි කියල. අදත් නිකමට වගේ එළියට බැහැල හද දිහා බලන සමහර වෙලාවට හදේ කිරි පැණි තිබුණනනම් කොච්චර අපූරැද කියල හිතෙන වෙලාවල් තියෙනව. අපිට පොඩි කාලෙ මේ වගේ සුන්දර දේවල් හුගක් තිබුණ. ඇමරිකාව පොඩි උන් closet  එක ඇතුලෙ භූතයො ඉන්නවයි හිතන්න වගේ, අපිත් ඇද යට, ගස් උඩ, ලිද ලග භූතයො ඉන්න කියල හිතාන හිටිය. දැන් දැන් යුරෝපයෙ පොඩි උන් Santa කෙනෙක් නෑ කියල දැන ගෙන ඉන්නෙ. ඇයි උන‍්ට Google තියෙනව. ජෙමාගෙ අදහස නම් පොඩි උන්ට පොඩි කාලයක් තියෙන්න ඕනෙ, තමන්ගෙ මුල් ගැන අවබෝධයක් ලැබෙන්න ආච්චි අම්ම කතන්දර කියන්න ඕනෙ, සීය එක්ක බුලත් කොටන්න ඕනෙ. අල්ලපු ගෙදර යාළුව එක්ක මඩේ නටන්න ඕනෙ. දිනන හැටි, පරදින හැටි ඉගෙන ගන්න ඕනෙ. තමන්ගෙ පැන්සල් කොට් දෙකට කඩල ඉස්කෝලෙ යාලුවට දෙන්න තරම් හිත උනු වෙන්න ඕනෙ. එතකොට තමයි ජීවිතේ අභියෝග ජයගන්න පුලුවන් මිනිහෙක් හැදෙන්නෙ. Grown Ups film එක ඉවර වෙන්නෙ අපි කවුරැ කවුරැත් ඉගෙන ගත යුතු  පාඩමක් පෙන්නල දීල. Lenny ටයි යාළුවන්ටයි ආයෙමත් තමන් පොඩි කාලෙ පරද්දපු පැසිපන්දු කණ්ඩායම හම්බවෙනව. දැන් ඔවුන් වැඩිහිටියො. ඒත් ඔවුන් අභියෝග කරනව ආයෙමත් පැසිපන්දු තරගයක් තියන්න. Lenny මුලදි අකමැති වුනත් පස්සෙ ඒ යෝජනාවට කැමති වෙනව. පැසිපන්දු තරගය දවසෙ අවසාන ලකුණ ගන්න ලැබෙන්නෙ Lenny ට. ඒත් ඔහු හිතා මතාම තමන්ට ලබා ගත හැකි ලකුණ මග හරිනව. හැමෝටම පුදුමයි. ඔහු කවදාවත් මග හැරෙන්නෙ නැති පහරක් ඔහු මග හරිනව. අවසානයේ Lenny තමන්ගෙ බිරිදට කියන්නෙ "එයාලත් ඉදල හිටල හරි දිනන හැටි ඉගෙන ගන්න ඕනෙ එක් නිසයි මම පහර මග හැරියෙ.." අපේ පොඩි උන්ටත් හැමදාම දිනන්න උගන්නන ගමන් පරදින හැටිත් උගන්නන්න ඕනෙ. කෙලින් ඉන්න ගමන් වැටෙන හැටි උගන්නන්න ඕනෙ. එතකොට ජීවිතේ කවදහරි වැටුණු දවසක තමන්ගෙ දෙපයින්ම නැගිටියි. එහෙම නැගිටින්න පුළුවන් කෙනාට තමයි "වැඩිහිටිය" කියන්නෙ.

Friday, December 9, 2011

ගුරැ සිත නොරිදවා.....


ජෙමා බ්ලොග් ලියන්න ගත්තෙ......පොරක් වෙන්නවත්...උඹලට වඩා මට ලියන්න පුළුවන් කියල, කට්ටියට පෙන්නන්නවත් නෙ‍මයි. ආත්ම තෘප්තියට. පළවෙනිම පොස්ටුව හිතට වද දුන්න පොඩි කාරණාවකින්ම පටන් ගත්ත නම් හොදයි කියල ජෙමාට හිතෙනව. ජෙමා ඉගෙන ගත්තෙ පිරිම ඉස්කෝලෙක. අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගේ නෙමෙයි දැන් නම් ඉස්කෝලෙ සුපුරි පන්තියෙ පාසැලක් වෙලා. ඒත් ඉස්කෝලෙත් එක්ක බැදිච්ච සුන්දර මතකයන් ගනින්න බැරි තරම්. ඇත්තටම ඉස්කෝලෙ කාලෙදි ලැබිච්ච අසුන්දර අත්දැකීම් වුනත් හරිම සුන්දර මතකයන් විදිහට හිතේ තැන්පත් වෙලා තියෙනව. අපිට හිටිය යාළුවො වගේම, උගන්වපු ගුරැවරැත් හරිම සුවිශේෂයි. ඒ අතරින් එක පාරටම හිතට එන්නෙ අනෝම මිස්ව. වෙන කිසිම ගුරැවරයෙක්ගෙ නොතිබිච්ච වචන වලට ගොනු කරන්න බැරි ආදරයක් අනෝම මිස්ගෙ තිබුණ. ඒක හයේ පන්තියෙ ඉදන් එකට ඉගෙන ගත්ත සෙට් එකේ ඕන එකෙක් පිළිගනියි. වැරැද්දක් කලත් වේවැල අරන් ඇගේ තියන හයියෙන් ඉදා උඹට කියල ගහන ජාතියෙ ගුරැවරැ අතරෙ අනෝම මිස් අම්මෙක් වගේ වැරැද්ද පෙන්නල දීපු හැටි තවමත් මතකයි. ජෙමාගෙ ජීවිතේ වටිනාම වගේම පරමාදර්ශී චරිතයක් ඉන්නවනම් ඒ අනෝම මිස්. සිංහල පොතේ හිතූ හිතූ දේවල් ලියල ගිහින් පෙන්නන හැම වාරෙකම හරියක් දාල තව ලියන්න කියල හිත හදපු මිස් හින්ද අනුන්ගෙන් කොපි නොකර තමන්ගෙම මොනවහරි ලියාගන්න ජෙමාට දැන් පුලුවන්. අනෝම මිස් ඇරැණාම, රංජිත් සර්, ශානිකා මිස්  වගේ ගුරැවරැ බොහොමයක් ගැන පැහැදුණු හිතෙන් කථා කරන අද ඉංජිනේරැවො, දොස්තරවරැ වුණ අපේ බඩියෝ සෑහන ගානක් ඉන්නව.

ඒත්....ජෙමා මේ පොස්ටුව දාන්නේ පොඩි හිතේ අමාරැවකින්...මේ ලගකදි දවසක අපේ බැච් මේට්ස්ල ටිකක් පොඩි ගෙට් ටුගෙදර් එකක් තිබ්බයි කියල මොටත් ආරංචි වුනා. ජෙමා වැඩේ දැන ගත්තෙ පස්සෙ. ආරංචි වුනත් එතනට යන්න තරම් ජෙමාට හයියක් ඇත්තෙත් නෑ. ඒ මම තවමත් පොරත් නොවෙන නිසා. රැපියල් අස්සේ අලුක්කාල් ගහන්න වගේ නිකම්ම බයියෙක් විදිහට පාසල් යාළුවො ඉස්සරහට යන්න ජෙමාට ‍මොකක්ද වගේ? කොල්ලො ටික කාලෙකින් එක්කහු වෙච්ච එක ගැන ජෙමාගේ කිසිම අහිතක් නෑ. එත් Face Book එකේ දැකපු Photo එකක් නිසා නම් පොඩි කලකිරීමක් ඇති වුණා. ඒ අපිට උගන්වපු සර් කෙනෙක් අපේ පාසල් මිතුරෙක් ලග ඉදන් මී විත තොල ගාන ඡායාරෑපයක්. මේ බ්ලොග් එක බලන යාළුව මා එක්ක හිත නොරොරක් කර ගන්න එකක් නැතිවෙයි කියල මම හිතනව. මමත් අපේ මහප්පත් එක්ක සෙට් වෙලා අඩි ගහල තියෙනව. ඒක වෙනම කතාවක්. අපේ තාත්තලගේ පරම්පරාවෙ කට්ටිය සෙට් වුනාම ඔක්කෝම තාත්තල පුතාල සාලෙට වෙලා එක බෝතලේ කඩාගෙන බොනව අනන්ත මම දැකල තියෙනව. ඒත් සිගරට් කොටයක් හොරෙන් බීලා අහුවෙච්චා වෙලාවක, කනෙන් ඇදල හරි පාර පෙන්නපු සර් කෙනෙක් තමන්ගෙ ගෝලයෙක් ලග ඉදන් එක බෝතලෙ බෙදා ගන්න එක ගැන නම් ජෙමාගෙ හිතට මොකක්දෝ වගේ. මේ සිද්ධිය එක්ක මට තවත් අපූරැ සිද්ධියක් මතක් වුණා. දැනට වසර තුන හතරකට කලියෙන් පුවත්පතක එක්තරා ආන්දෝලනාත්මක ඡායාරෑපයක් පළවුණා. ඒ ඡායාරෑපයේ හිටියෙ රැලෙක්ස් රණසිංහ මහත්තයා, අපි කවුරැත් දන්න ටෝනි රණසිංහ මහත්මයගේ අයිය, එතුමගෙ එක අතක වීදුරැවක් අනෙක් පැත්තෙ උරහිස්සට හේත්තුවෙලා හිටියෙ රටේ සුපසිද්ධ ගායකයෙක්. හැබැයි එතුමා කන් පාත් වෙන්න ගහල සිගරැට් එකකුත් පත්තු කරගෙන ඉන්න අපූරැ ඡායාරෑපයක් තමයි පළවෙලා තිබුනෙ. මේ ඡායාරෑපය පත්තරේට දුන්නෙ රැලෙක්ස් රණසිංහ මහත්තයමයි කියල පුවත්පතේ සදහන් වෙලා තිබුණ. රැලෙක්ස් රණසිංහ මිය ගියාම පත්තරේ දැම්මේ රැහේ බේබද්දා මිය ගියේය කියන ශීර්ෂ පාඨයක්. එතුමත් එක්ක එකට බොතලේ බීපු ගායක උත්තමය තරම් පරමාදර්ශී කෙනක් රටේ නැති ගානට තවමත් අපි හිතාගෙන ඉන්නෙ. එතුම එහෙම්ම හිටපුවාවෙ ඒක නිසා නම ගම නොකිය ඉන්නම්. කොහොමෙන් හරි අපේ කොල්ලො ටික අවුරැද්දකට සැරයක් එක්කහු වෙලා ආ ගිය තැන් කතා කරල මිතුරැකම පවතවාගන යන එකට ජෙමා හදවතින්ම සුබ පතනව. ජෙමාට පුළුවන් වෙච්ච දවසක ජෙමත් එනව. ඒත් ගල් බෝතලයයි බයිට් එකයි ලග සර් කෙනක් හිටියොත් ආපහු හැරිල ගෙදර එන එක ඇරෙන්න වෙන දෙයක් නම් ජෙමාට කරන්න බැරි වෙයි.